විමල්ට බනින්න එපා; ඔහු කරමින් ඉන්නේ ඔහුගේ වැඩකොටසයි
එහෙත්, ඇත්තෙන්ම මේ ඔහු කරන්නේ 2010දී සරත් ෆොන්සේකාගේ අභියෝගය හමුවේ ඔහු අනුගමනය කළ 'උපායමාර්ගය' වැනිම එකකි. ඒ කියන්නේ රාජපක්ෂලාගේ සතුරෙකුට නිර්දය ලෙස පහරදීමෙන් ඔවුන්ගේ සිත් දිනාගැනීමේ හා ඒ ඔස්සේ සිය බලය තහවුරු කරගැනීමේ උපායමාර්ගයකි.
මෙහිදී ඔහු සිය පැරණි පංති පදනම් හා දේශපාලන අත්දැකීම් අනුව යමින් නිර්භීත දේශපාලන සූදුවක යෙදෙයි. සරත් ෆොන්සේකා සමග කෙළපු සූදුවෙන් ඔහු දිනුවේය. මෙවැනි සූදු කෙළීමට මානසික රෝග මට්ටමේ එඩිතරකමක්ද තිබිය යුතුය. මේ උපායමාර්ගයම අනුගමනය කරන ඇමති ඩිලාන් පෙරේරාට නැත්තේ අන්න ඒ මට්ටමයි.
විමල් වීරවංශ වනාහි අතීතය වැළලූ පුද්ගලයෙකි. ඔහුට රැකගන්නට කිසිදු පුරුෂාර්ථයක් නැත. ඇත්තේ දිනාගන්නට අනාගතයක් පමණි.
අනෙක් පැත්තෙන් ඔහු වනාහි එක්තරා අතීතයක දැඩි ක්‍රම විරෝධියෙකි. සිය හදවතින්ම මේ ක්‍රමයට එරෙහිව සටන් කළ අයෙකි. ඔහුගේ වත්මන් භූමිකාව තුළද එම ලක්ෂණ නොඅඩුව තිබේ.
ග්‍රාම්‍ය ජාතිවාදය, පවුල්වාදය, ඒකාධිපතිවාදය, ප්‍රජාතන්ත්‍ර විරෝධය, රාජ්‍ය ඒකාධිකාරී කෑදර ධනවාදය යන කරුණු මත පදනම් වූ රාජපක්ෂ පාලනය විමල් වීරවංශ වැනි සමාජවාදීන්ට ගැලපෙන විප්ලවයකි. උතුරු කොරියාව වැනි සමාජවාදී රටවල පාලනයේ ඉන්නේත් මෙවැනිම විකාරකාරයෝය. මහින්ද රාජපක්ෂ වෙනුවට රාජ්‍ය නායකත්වයට විමල් වීරවංශ ආදේශ වීම යන සරළ කරුණෙන් වුව ලංකාවට උතුරු කොරියාවට කිට්ටු හැඩයක් ගන්නට පුළුවන. ජවිපෙ බලයට පත්වුණොත් එය පූර්ණ වනු ඇත.
විමල් වීරවංශ කරමින් සිටින්නේ මේ ක්‍රමය ඇතුළතින්ම ගරාවට්ටා බිඳ දැමීමේ දේශපාලනයක් ලෙස තේරුම්ගැනීමේ වරදක් නැත. වත්මන් අර්බුදයේදී අග්‍ර විනිශ්චයකාරවරිය පිටුපසින් සිටින අයටත් අවශ්‍ය අරාජිකත්වයක් නොවේද?
විමල්ගේ කාර්යය මැදිහත්වීමක් ලෙස ගතහොත් ඇත්තෙන්ම සේවය කරන්නේ කාටද යන්න සාධාරණ ලෙස තේරුම් ගත යුතුය.
ඇත්තෙන්ම අරාජිකත්වයක් අයෝග්‍ය වනවානම් එසේ වියයුත්තේ රාජපක්ෂ පවුලටයි. එහෙත්, රාජපක්ෂ ආණ්ඩුවේ චින්තනය කිසිදු තාර්කික විද්‍යාවකින් තේරුම්ගත හැකි දෙයක් නොවේ.
ඇැම්විට ගොඩනැගෙමින් තිබෙන මේ අරාජිකත්වය ඔවුන්ටද අවශ්‍ය දෙයක් වන්නට පුළුවන.
http://www.w3lanka.com/2013/01/blog-post_7.html
හුටපට කලින් කී දෑ පරණ ලිපිවලින් බලන්න
No comments:
Post a Comment