Friday, March 23, 2012

ලංකාව කිළිටි කළ රාජ්‍ය තාන්ත්‍රිකයෝ




ශ්‍රී ලංකා රජය පිළිබදව අතිශය තීරණාත්මක ජිනීවා සමුළුව නිමාවට පත්ව ඇත. එහිදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත් කල යෝජනාව වැඩි ජන්දයෙන් සම්මත විය . මේ සදහා අදහස් දැක්වීම සදහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්ද අවස්ථාව ලබා දී තිබූ අතර කිසිදු රාජතාන්ත්‍රික දැනුමකින් තොර පිරිසක් රජය නොයෝජනය කරමින් සමුළුවට සහබාගී කරවා තිබීම කණගාටුවට කරුණකි.

එක් අවස්ථාවක ශාලා අංක 23 හී පැවති වැඩ සටහන තුලදී ලංකා රජයේ නියෝජිතයින් හැසිරුනේ ඉතාමත් පහත් අන්දමිනි. ජන්ද විමසීම ජයග්‍රහණයෙන් හෝ පරාජයෙන් අවසන් වීම වෙනත් කරුණකි . එහෙත් රාජතාන්ත්‍රික නියෝජිතයින් මෙම සමුළුව තුලදී හැසිරුනේ නොදරුවන් ලෙසයි . ඔවුන් විසින් එම වැඩසටහන පුරාවටම දිගින් දිගටම බාධාවන් සිදු කල අතර එක් වරක් ආරක්ෂක නිළධාරීන්ද පැමිණෙන ලදි .

මෙම වැඩ සටනහන නිරීක්ෂනය කිරීමට මා හටද අවශ්ථාව ලැබීම නිසා මේ පිළිබද දැක ගත් නිසාවෙන් මෙය අවබෝධ කර ගතිමි. එහෙත් යම් කෙනෙකු මා හට මේ ගැන කීවානම් මා විශ්වාස නොකරමි මන්දයත් මා සිතා සිටි රාජතාන්ත්‍රික නියෝජිතයින් පිළිබද චිත්‍රය වෙනත් එකක් වු නිසාවෙනි. මෙයට සහබාගී වූ සමහරක් රටවල නියෝජිතයි නැගිට පිටවී ගිය අතර ඔවුන් පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථාන තුලදී රජයේ පාර්ශවයේ හැසිරීම මේ ආකාරයෙන් නම් ශ්‍රී ලංකාව තුල සිදුවන දෑ සිතා ගත හැකි බවයි .

යම් ගැටළු සහගත තත්වයක් මතුව ඇති මොහොතක මෙම රාජතාන්ත්‍රිකයින් ක්‍රියා කල යුතුව ඇත්තේ බුද්ධිමත් භාවයෙන් සහ ඉවසිලි සහගත අයුරින් නොවේද? උපායශීලීව නොවේද ? මන්ද යත් මෙය ඉතාමත් තීරනාත්මක මොහොතක් වූ බැවිනි . සිදු වූ රජයේ නියෝජනය ඔවුන් සිදු කලේ ලංකාවේ පාර්ලිමේන්තුව තුල කරනු ලබන සංවාදයක් ලෙසටයි . මෙවැනි වැඩ කටයුතු වලින් අපහාසයන්ට ලක්වනුයේ සමස්ථ ශ්‍රී ලන්කාවම බව සිතන්නට තරම් වත් ඔවුන්ට රාජතාන්ත්‍රික භාවයක් නොමැති වීම රජයේ පමණක් නොව ශ්‍රී ලංකාවේම අභාග්‍යකි .

කාමර අංක 23 හී පැවතියේ ලංකාව පිළිබද විශේෂ සංවාදයයි එහි ලංකාවෙන් පැමිණි එක රාජතාන්ත්‍රිකයෙක් ප්‍රස්න කලේ ඇයි ඇෆ්ගනිස්ථානය ගැන කතා නොකරන්නේ කියායි . එහිදී එය මෙහෙයවපු අයට කියන්න සිද්ධ උනේ ඇෆ්ගනිස්ථානය පිළිබදව කථා කරන ස්ථානට ගොස් එයට සහබාගී වන ලෙසයි .

රජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයාගේ මුස්ලිම් ජාතික නීතීවේදියාගේ හැසිරීම ඉතාමත් පහත් මට්ටමක පැවති අතර කිසිදු වැදගැන්මකින් තොරව සිදු කල බාධාවන් පමනක් දැකිය හැකි විය.

වසර ගනනාවක් එංගලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික එංගලන්ත පුරවැසියෙකුද ප්‍රශ්න කර කියා සිටියේ ලොකයේ විශාල ප්‍රමානයක් දරුවන් අතුරුදහන් වන බවත් ඒවා ගැන සොයා නොබලන්නේ මන්ද යන්නයි . මෙයට්ට පෙරද අවශ්ථාවන් ගනනකදීම මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයා ඇති බව පවසා සිටි සංවිධායකයින්ට මෙය ශ්‍රී ලංකාව පිලිබදව කරන සංවාදයක් බැවින් එහි කාලය උපරිම ලෙස ප්‍රයෝජනට ගන්නා ලෙස ඉල්ලා සිටීමටද සිදු විය.

මෙම අවශ්ථාවේදී අදහස් දැක් වීම සදහා ඉදිරි පත් වු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට දිගින් දිගටම බාධාවන් සිදු කල අතර ඇයගේ අදහස් දැක් වීම අවසන් වනතෙක් සිටින ලෙසට දන්වා සිටින්නට සංවිධායකයින්ට සිදුවිය .කතාව අවසානයේ නැවතත් එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලාංකික නියෝජිතයාගේ ප්‍රශ්නය උනේ ඇය අඩමින් තම කතාව ඉදිරි පත් නොකල බවයි.

මෙහි පැමිණි ලංකාවේ නියොජිතයින්ගේ ක්‍රියා කලාපයන් ඉතාමත් පහත් මට්ටමින් පැවති අතර මෙවැනි විශාල ප්‍රමාණයක් නියෝජිතයින් සහබාගී නොවූවත් තීක්ෂණ බුද්ධියකින් යුතු ටික දෙනෙක් ආවානම් අඩුම තරමේ ශ්‍රී ලන්කාවට මෙතරම් අප කීර්තියක් අත් නොවනු ඇත.

අජිත් දසනායක ජිනීවා නුවර සිට

No comments:

Post a Comment