Wednesday, January 9, 2013

ගූ හතයි වැලි එකයි ( Gu 7 veli 1)




 



































මර්වින් සිල්වාට එරෙහිව යම් නීත්‍යානුකූල පියවරක් ගතහොත් රාජපක්ෂ කල්ලියේ අභ්‍යන්තරික ක්‍රියාකාරිත්වය මුළු මනින්ම අඩපණ විය හැකි බව අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් පෙන්නුම් කෙරේ. බදාම න්‍යායට අනුව, අශූචි තාච්චි හතක් වැලි තාච්චියකින් වැසිය නොහැකිය. මේ නිසා මර්වින් මහින්ද කල්ලියට තවත් වසර දශකයකට අවශ්‍ය මිනිසෙකි. ඔහු කාට නොවුණත් මහින්දට අවංකයෙකි.

ඇතිමුන් පවසන්නේ විමල් එක් පැත්තකින් බොරුවට රඟ පාමින් මහින්ද ආරක්ෂා කිරීමට උන්නදු වන බව පෙන්නුවද, ඔහුගේ ඉඩ්, ඉගෝ දෙකම මෙහෙය වීම කරනුයේ රාජපක්ෂට කෙළවෙන වාසියේ අවස්ථාව ගැනීමට ය.

 





නාමල් කුමාරයා හිතාගෙන ඇති රජ වෙන්න.. බලමු බලමු.. එහෙම නම් අපි කවුද

එසේ විමල්ගේ යටි හිත පැවසුවත් මර්වින්ට යම් තුන් හිතකවත් එවැනි චේතනාවක් නැත. එබැවින් මර්වින් මහින්දට අවංකය. මහිනද ද මැරයෙක් නම්, මර්වින් ද මැරයෙකි. මහින්ද නිවැරදි වන දාට ඔහුට ද නිවැරදි විය හැකිය.

නමුත් මහින්ද සහ සිය පවුල කෙලවාගනු ලබන්නේ මර්වින්ගෙන් නොව, අමරසේකර දෘෂිටිය කොටගත් කෛරාටික විමල්ගෙනි. ඔහුට රාජ යෝගයක් ද ඇති වබ කියැවේ.
අනාගතයේ දී විමල්ගේ වංචා දූෂණ, පිටරට බැංකුවල ඇති මුදල්, බිරිඳගේ වත්කම් පිළිබඳ ඇති අක්‍රමිකතා ටිකම ප්‍රමාණවත් ය තම පස මිතුරාව මට්ටු කිරීමට.

හුටපට කියන දෙය වරදිනු නොමැත.

මර්වින් වැරදිකරදි කරුවීම මහින්දගේ අවසානය බව හුටපටට වඩා මහින්දම දන්නේ ය.

එහෙත් බොරු හිතෛයිශීන්ගෙන් මහින්ද මහත්තයා අරාක්ෂා උනොත් අහිංසක දරු තුන්දෙනාට හොඳ කලක් යන්නට ඉඩ ඇත.




Monday, January 7, 2013

අපිට කෙලවෙනකනුයි මේ ඔක්කොම බලාගෙන ඉන්නේ

ඒ හඬ අරලිය හඬ හන්දිරයෙන්-  ජෝතිෂ වේදීන් නෙකියන මහා අපලයක් රාජපක්ෂට



විමල්ගේ උපක්‍රමය- අජිත් ගේ විග්‍රහය- හුටපට කලින් හෙලිදරව්ව

විමල්ට බනින්න එපා; ඔහු කරමින් ඉන්නේ ඔහුගේ වැඩකොටසයි

දෝෂාභියෝගය හමුවේ ඇමති විමල් වීරවංශගේ හැසිරීම ගැන බොහෝ අය කතා කරන්නේ උපහාස මුඛයෙනි.

එහෙත්, ඇත්තෙන්ම මේ ඔහු කරන්නේ 2010දී සරත් ෆොන්සේකාගේ අභියෝගය හමුවේ ඔහු අනුගමනය කළ 'උපායමාර්ගය' වැනිම එකකි. ඒ කියන්නේ රාජපක්ෂලාගේ සතුරෙකුට නිර්දය ලෙස පහරදීමෙන් ඔවුන්ගේ සිත් දිනාගැනීමේ හා ඒ ඔස්සේ සිය බලය තහවුරු කරගැනීමේ උපායමාර්ගයකි. 

මෙහිදී ඔහු සිය පැරණි පංති පදනම් හා දේශපාලන අත්දැකීම් අනුව යමින් නිර්භීත දේශපාලන සූදුවක යෙදෙයි. සරත් ෆොන්සේකා සමග කෙළපු සූදුවෙන් ඔහු දිනුවේය. මෙවැනි සූදු කෙළීමට මානසික රෝග මට්ටමේ එඩිතරකමක්ද තිබිය යුතුය. මේ උපායමාර්ගයම අනුගමනය කරන ඇමති ඩිලාන් පෙරේරාට නැත්තේ අන්න ඒ මට්ටමයි.

විමල් වීරවංශ වනාහි අතීතය වැළලූ පුද්ගලයෙකි. ඔහුට රැකගන්නට කිසිදු පුරුෂාර්ථයක් නැත. ඇත්තේ දිනාගන්නට අනාගතයක් පමණි. 

අනෙක් පැත්තෙන් ඔහු වනාහි එක්තරා අතීතයක දැඩි ක්‍රම විරෝධියෙකි.  සිය හදවතින්ම මේ ක්‍රමයට එරෙහිව සටන් කළ අයෙකි. ඔහුගේ වත්මන් භූමිකාව තුළද එම ලක්ෂණ නොඅඩුව තිබේ.

ග්‍රාම්‍ය ජාතිවාදය, පවුල්වාදය, ඒකාධිපතිවාදය, ප්‍රජාතන්ත්‍ර විරෝධය, රාජ්‍ය ඒකාධිකාරී කෑදර ධනවාදය යන කරුණු මත පදනම් වූ රාජපක්ෂ පාලනය විමල් වීරවංශ වැනි සමාජවාදීන්ට ගැලපෙන විප්ලවයකි. උතුරු කොරියාව වැනි සමාජවාදී රටවල පාලනයේ ඉන්නේත් මෙවැනිම විකාරකාරයෝය. මහින්ද රාජපක්ෂ වෙනුවට රාජ්‍ය නායකත්වයට විමල් වීරවංශ ආදේශ වීම ‍යන සරළ කරුණෙන් වුව ලංකාවට උතුරු කොරියාවට කිට්ටු හැඩයක් ගන්නට පුළුවන. ජවිපෙ බලයට පත්වුණොත් එය පූර්ණ වනු ඇත.

විමල් වීරවංශ කරමින් සිටින්නේ මේ ක්‍රමය ඇතුළතින්ම ගරාවට්ටා බිඳ දැමීමේ දේශපාලනයක් ලෙස තේරුම්ගැනීමේ වරදක් නැත. වත්මන් අර්බුදයේදී අග්‍ර විනිශ්චයකාරවරිය පිටුපසින් සිටින අයටත් අවශ්‍ය අරාජිකත්වයක් නොවේද? 

විමල්ේ කාර්යය මැදිහත්වීමක් ලෙස ගතොත් ඇත්තෙන්ම ේවය කරන්ේ කාටද යන්න සාධාරණ ලෙස ේරුම් ගත යුතුය. 

ඇත්තෙන්ම අරාජිකත්වයක් අයෝග්‍ය වනවානම් එසේ වියයුත්තේ රාජපක්ෂ පවුලටයි. එහෙත්, රාජපක්ෂ ආණ්ඩුවේ චින්තනය කිසිදු තාර්කික විද්‍යාවකින් තේරුම්ගත හැකි දෙයක් නොවේ.

ඇැම්විට ගොඩනැගෙමින් තිබෙන මේ අරාජිකත්වය ඔවුන්ටද අවශ්‍ය දෙයක් වන්නට පුළුවන. 

http://www.w3lanka.com/2013/01/blog-post_7.html

හුටපට කලින් කී දෑ පරණ ලිපිවලින් බලන්න