Monday, March 5, 2012

යුධ අපරාදයට මහින්ද බිලිවූවොත් වාසි කාටද


යුධ අපරාධ වලට දඬුවම් දෙනු’ මන්නාරම් අගරදගුරු රායප්පු ජෝසප් ඇතුළු පූජකයන් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි



යුද්ධයෙහි අවසන් අදියරේ සිදුවූ යුධ අපරාධවලට දඬුවම් ලබා දෙන වැඩපිලිවෙලක් අඩංගු ජාත්‍යන්තර පරීක්ෂණයක් වහා අරඹන ලෙසත් උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බල කරන ලෙසත් ඉල්ලමින් කතෝලික සභාවෙහි මන්නාරමෙ අගරදගුරු රායප්පු ජෝසප් ඇතුළු කතෝලික පූජකයන් 31 කගේ අත්සනින් යුතුව එකසත් ජාතීන්ගේ මානව හිමිකම් වෙත මණ්ඩලය වෙත ලිපියක් යොමු කර තිබේ.

නමුත් මීට පෙර මාධ්‍ය නිවේදනයක් නිකුත්කල ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධානී මැල්කම් රංජිත් හිමිපානන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා සම්මත කිරීම රටේ සවෛරීභාවයට බලපෑම් කිරීමක් ලෙස හඳුන්වා තිබිණ.

මේ යැවූ ලිපිය ගැන BBC සේවයට අදහස් පලකරන නිමලමරිය නිකායේ ජෙරාඩ් රොසෙයිරෝ පූජකවරයා ප්‍රකාශ කරන්නේ යුද්ධයෙන් පසු පීඩාවට පත් වූවන් කෙරෙහි කතෝලික සභාව කිසිවක් කර නොමැති බවයි.තවදුරටත් අදහස් දක්වන පූජකවරයා අන්තර්ජාතික බලපෑමක් නැත්නම් යුක්තිය ඉෂ්ඨ වෙන්නේ නැතැයිද,වගවීම් ක්‍රියාවලියක් සඳහා අපේ රටේ විශ්වාස කල හැකි යාන්ත්‍රණයක් නැතැයිද ප්‍රකාශ කර ඇත.”මේ ප්‍රශ්නය එන්න වැඩිවෙනවා.කතෝලික සභාව තුල මේ පිලිබඳ කතිකාවක් ඇති විය යුතුයි.නමුත් මේ දක්වා කතෝලික සභාව තුල ඒ පිලිබඳ කිසිවක් සිදුවන්නේ නෑ.මේ මොහොතේ අගරදගුරු තුමාගේ අදහස කුමක් වුවත් ජාත්‍යන්තර මැදිහත්වීමක් මේ මොහොතේ අවශ්‍යයි.” යැයිද පූජකවරයා වැඩි දුරටත් පවසා ඇත.

මෙලෙස අත්සන් කර ඇති පූජකවරුන් 31 දෙනාම පාහේ දෙමළ ජාතිකයන් වන අතර ඉදිරියේදී කතෝලික සභාව තුල වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන්නට මොවුන් තුල වැඩි ඉඩක් ඇති බවද පැවසේ.

- යටියන ප්‍රදීප් කුමාර..

http://www.lankacnews.com/sinhala/main-news/50318/








එලිපිට කුමන උද්ඝෝෂණ කළ ද මහින්ද රැක ගැනීමට දිවි දීමට පැමිනිය ද, හිත යටින් සතුටු වන පුද්ගලයින් අතර ප්‍රමුකයින් පහතින් පෙල ගස්වමු

1 විමල් වීරවංශ and his wife
2 චම්පික රණවක
3 ශ්‍රීලනිපයේ ජේෂ්ඨයෝ
4 ජීඑල්
5 මහින්ද සමරසිංහ

හේතුව ඇයි කියමු බලන්න


No comments:

Post a Comment